19th March 2019 15:18:46 Hours
57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්රියගේ මග පෙන්විම මත 2019 මාර්තු මස 18 වන දින මාන්කුලම් රෝහලේදි ලේ දන්දිමේ වැඩසටහනක් පවත්වන ලදි.
සිවිල් වැසියන් සහ හමුදාව අතර සහයෝගිතාවය වරධනය කිරීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කර ඇති අතර, මෙම ලේ දන්දීමේ අවස්ථාව සදහා නිලධාරින් 08 ක් සහ සෙබළුන් 71 දෙනෙකු සහභාගි වන ලදි. තවද යාපනය ලේ බැංකුවෙහි සහාය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ 3 වන ගජබා රෙජිමේන්තුව විසිනි. මෙම අවස්ථාව සදහා මාන්කුලම් රෝහලේ කාර්යය මණ්ඩලය සහයෝගයක් ලබා දෙන ලදි.