Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th December 2019 22:07:46 Hours

57 වන සේනාංකයේ සංවිධානයෙන් ප්‍රාජාසත්කාර වැඩසටහනක් පවත්වයි

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ සංකල්පයක් මත 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පි ගේ මගපෙන්විම යටතේ 572 වන බලසේනා මුලස්ථානය යටතේ ඇති 6 වන සිංහ රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස්ගේ සංවිධානයෙන් 572 වන බලප්‍රදේශයේ සිවිල් වැසියන්හට උපකාර කිරීම සඳහා වූ වැඩසටහනක් 2019 දෙසැම්බර් මස 5 වන දින කල්ලාරු දෙමළ පාසලේදී පවත්වන ලදි. එහිදි වෛද්‍ය සායනයක්, ඇස් කණ්නාඩි බෙදා දිමක්, පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ බෙදා දිමක් සංවිධානය කළ අතර, සිවිල් වැසියන් 200 ක් සහ පාසල් ළමුන් 100ක් සදහා එයින් ප්‍රතිලාභ ලැබුහ. කොළඹ ලියෝ ක්ලබ් සහ ශ්‍රී ලංකා අක්‍ෂී පරිත්‍යාග සමිතිය සමඟ එක්ව “අරුණැල්ල වැඩසටහන” මූල්‍ය හා ද්‍රව්‍යමය සහාය ලබා දෙමින් අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී. මෙම අවස්ථාව සදහා 57 වන සේනාංකයේ සේනංකාධීපති, 573, 574 වන බලසේනාවේ බලසේනාධීපති වරුන්, 57 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, ඒකක අණදෙන නිලධාරින් සහ කොළඹ ලියෝ ක්ලබ්හි සභාපති සහ ශ්‍රී ලංකා අක්‍ෂී පරිත්‍යාග සමිතියේ සභාපති සහභාගි වන ලදි.