Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th December 2019 22:10:39 Hours

57 වන සේනාංකයේ සංවිධානයෙන් ග්‍රාම නිලධාරි සම්බන්ධිකරණ සාකච්චාවක් පවත්වයි

57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පි සංකල්පයක් මත 571 වන බලසේනාවේ ග්‍රාම නිලධාරින් සමඟ සාකච්චාවක් 2019 දෙසැම්බර් මස 03 වන දින 57 වන සේනාංක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වු අතර, ග්‍රාම නිලධාරින් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර අන්තර් පුද්ගල සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සඳහා මෙම සාකච්චාව පවත්වන ලදි. මෙම අවස්ථාව සදහා 571 වන බලසේනා බළ ප්‍රදේයට අයත් ග්‍රාම නිලධාරීන් 16 දෙනෙකු සහ කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරියෙකු සහභාගී වන ලදි. දෙපාර්ශවයේම අදහස් හා යෝජනා හඳුනා ගැනීමට හා හුවමාරු කර ගැනීමට මෙය අවස්ථාවක් විය.

තවද, කිලිනොච්චි ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම, ආරක්‍ෂාව, සාමය සහ සමගිය සහතික කිරීම සහ නීතිවිරෝධි දෑ සීමා කිරීම, යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර සම්බන්ධතාවය හා සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණු යටතේ ගැඹුරින් සාකච්ඡා කරන ලදි. මෙම සම්බන්ධීකරණ සාකච්ඡාවෙහි 57 වන සේනාංකයේ සේනංකාධිපති විසින් මුලසුන හේබවු අතර, 57 වන සේනාංකයේ කර්නල් පාලන භකාස නිලධාරි, 57 වන සේනාංකයේ සහ 571 වන බලසේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරින් මේ සදහා සහභාගිවන ලදි.