Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th June 2020 19:01:56 Hours

57 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන 57 වන සේනාංකයේ 14 වන සේනාංකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් ඩිජිඑස් සෙනරත්යාපා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු 2020 ජුනි මස 01 වන දින රාජකාරි භාර ගන්නා ලදි.

57 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් ප්‍රධාන දොරටුව අභියසදී පිරිනමන ලදී. ඉන් අනතුරුව,7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. නව සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩිජිඑස් සෙනරත්යාපා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරි භාරගනු ලැබීය. ඉන් අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් බලප්‍රදේශයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් ඇමතූ අතර 57 වන සේනාංක ශ්‍රවනාගාරයේ පැවැති එම අවස්ථාව සඳහා එම සේනාංක යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි සියලුම භටපිරිස් සහභාගී වූහ. මෙම අවස්ථාව සඳහා සියලුම බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූ අතර, එහිදී පැවැති සියලු නිල තේපැන් සංග්‍රහයකින් රාජකාරී භාරගැනීමේ උත්සවය නිමාවට පත්විය.