Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th July 2019 14:11:56 Hours

57 වන සේනාංකය සංවිධානයෙන් පානීය ජල යන්ත්‍රෝපකරණයක් නවීකරණය කරයි.

57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ එස් හේවවිතාරණ ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි ගේ මඟ පෙන්වීම යටතේ 572 බලසේනාවේ බළසේනාධිපතින්ගේ අධීක්ෂණය මත පානීය ජලය ලබාගන්නා යන්ත්‍රෝපකරණයක් වැඩිදියුණු කර 2019 ජුලි මස 02 වන දින ගම්වාසීන් වෙත ප්‍රධානය කල අතර, මෙම යන්ත්‍රෝපකරණය නවීකරණය කිරීම සදහා ජනාධිපති අරමුදල විසින් මූල්‍යාධාර සපයන ලදී. මෙම ව්‍යාපෘතියෙන් පුන්නනිරාව් සහ තෝට්ටියඩි යන ගම්මානවල ගම්වාසීන් පානීය ජල අවශ්‍යතාවය සපුරා ගනී.