Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th October 2018 09:06:53 Hours

57 වන සේනාංකය විසින් යුධ හමුදා 69 වන සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් මාලාවක් පැවැත්විම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය ආඥාපතිගේ උපදෙස් අනුව ඔක්තෝබර් මස 10 වන දිනට යෙදි ඇති 69 වන යුධ හමුදා සංවත්සරය වෙනුවෙන් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධික්‍ෂණය මත එම සේනාංකය යටතේ රජකාරි නියුතු ඒකකයන් විසින් ප්‍රජාසත්කාර වැඩසටහන් රැසක් පවත්වන ලදි.

ඒ අනුව 571 බළසේනාව යට‍තේ රාජකාරි නියුතු 7 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ භඨපිරිස්ගේ සංවිධානයෙන් යුධ හමුදා ධජයට සෙත්පැති‍මෙ අරමුණින් කිලිනොච්චි ජුම්මා පල්ලිය තුලදි 2018.10.05 වන දින දේව මෙහෙයක් පැවැත්විම, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් 2018.10.06 වන දින මලයාලම්පුරම් අන්නායිසාරදාදේවි පාසල් භූමිය සුද්ධ පවිත්රි කිරිම.

573 බළසේනාව යටතේ රාජකාරි නියුතු 15 (සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් 2018.10.06 වන දින ඉරණමඩු ජලාශයේ සිට වඩ්ඩකච්චි දක්වා ජලය රැගෙන යන ආර්බි ඇළ මාර්ගය සුද්ධ පවිත්‍ර කිරිම, 1 වන ශ්‍රි ලංකා සිංහරෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් 2018.10.06 වන දින පරන්තන් ශාන්ත අන්තෝනි දෙවස්ථානයේදි සිසු දරු දැරියන්ගේ රසාස්වාදය උදෙසා ක්‍රිඩා තරඟ පවත්වා ත්‍යාග සහ ආහාර බෙදාදිම.

574 වන බළසේනාව යටතේ රාජකාරි නියුතු 3 වන ගජබා රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් 2018.10.05 වන දින මාන්කුලම් ළමා නිවාසයේ වහලය අළුත් වැඩියාකර ජලය ලබාගන්නා ලිඳ සුද්ධ පවිත්‍ර කිරිම සිදුකල අතර, එම අවස්ථාවන් සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහ බළසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිළධාරින්.ඒකක අණදෙන නිළධාරින්. අනෙකුත් නිළධාරින් ඇතුළු සෙසු නිළයින් සහ සිවිල් වැසියන්ද සහභාගි වන ලදි.