Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd December 2019 11:01:20 Hours

57 වන සේනාංකය විසින් මානව සම්පත් කළමණාකරණය පිලිබදව දේශණයක් පවත්වනු ලබයි

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ උපදෙස් පරිදි 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පී ගේ මගපෙන්වීම මත 572 වන බළසේනාවේ බළසේනාධිපති කර්නල් ඩී එම් පී පී දසනායක ගේ සංවිධානයෙන් 2019 නොවැම්බර් මස 11 වන දින 0900 පැයේ සිට 1200 පැය දක්වා මානව සම්පත් කළමනාකරණය පිලිබදව දේශණයක් පැවැත්විය. කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ඩබ්ලිව් ජී ප්‍රේමරත්න මහතා විසින් මෙම දේශණය පැවැත්වූ අතර, මේ සදහා 572 වන බළසේනාවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වන ලදී.