Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

07th January 2020 15:17:13 Hours

57 වන සේනාංකය විසින් පාසල් ළමුන් සදහා පාපැදි බෙදා දෙයි

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ 57 සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පි මග පෙන්වීම මත 573 වන බලසේනාවේ බළසේනාධිපතිතුමන් විසින් සංවිධානය කල පාපැදි බෙදාදීමේ වැඩසටහනක් 2019 දෙසැම්බර් මස 31 වන දින මුරුසුමොටෛයි නවජීවනම් දේවස්ථානයේදී පවත්වන ලදී.

මෙම පාපැදි බෙදා දීමේදී දිලිදු පවුල්වල පාසල් ළමුන් සදහා බෙදා දුන් අතර, මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 57 සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පි සහභාගී වූ අතර, 573 බලසේනාවේ බළසේනාධිපතිතුමන් ඇතුළු නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වන ලදී.