Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

07th January 2020 15:19:42 Hours

57 වන සේනාංකය විසින් ප්‍රජා සත්කාර වැඩසටහනක් පවත්වනු ලබයි

57 සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පි මග පෙන්වීම මත 573 වන බලසේනාවේ බළසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 1 වන සිංහ රෙජිමේන්තුව විසින් උරියා පෙර පාසල සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් 2020 ජනවාරි මස 02 වන දින පවත්වන ලදී.

මෙම වැඩසටහනේ අරමුණ වූයේ සිවිල් වැසියන් සහ යුධ හමුදාව අතර සුහදත්වය වැඩි කිරිමටය. මෙම ශ්‍රමදාන වැඩසටහන සදහා යුධ හමුදා සෙබලුන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් සහභාගී විය.