Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

06th January 2020 16:48:13 Hours

57 වන සේනාංකය විසින් දිලිදු පවුල් වෙත පාසල් උපකරණ සහ වියලි සලාක මළු බෙදා දෙයි

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ වඩ්ඩකච්චි ප්‍රදේශයේ ජීවත් වන දිලිදු පවුල් සදහා වියලි සලාක මළු සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් වඩ්ඩකච්චි අධ්‍යපන කාර්යාලයේදී පවත්වන ලදී.

572 වන බළසේනාවට අයත් 14 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් වඩ්ඩකච්චි ප්‍රදේශයේ ජීවත් වන දිලිදු ළමුන් 78 දෙනෙකු සදහා පාසල් උපකරණද, මයිල්වානපුරම් ප්‍රදේශයේ වැන්දඔු කාන්තාවන් 58 දෙනෙකු සදහා වියලි සලාක මළු බෙදා දුන් අතර, එම බෙදා දුන් වියලි සලාක මල්ලක් රුපියල් 2000ක් වටිනාකමකින් යුක්ත වේ.

මෙම වැඩසටහන සදහා 57 සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පි, 572 වන බලසේනාවේ බළසේනාධිපති, කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහ 14 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි සහභාගී වූහ.