Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th July 2020 12:31:00 Hours

57 වන සේනාංකය යටතේ ඇති බළසේනා සහ බලඇණි වල නිළධාරින් සහ සෙසු නිළයින් සදහා වැඩමුළුවක් පැවැත්වයි

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ‌ජෙනරාල් ඩීජීඒස් සෙනරත්යාපා ආර්ඩබිලිවිපී ආර්ඒස්පී ඒන්ඩීයූ ගේ සංකල්පයකට අනුව භූගෝලීය තොරතුරැ පද්ධතියේ මූලික උපයෝගීතාවය හදුන්වාදීමේ වැඩමුළුවක් 2020 ජුනි 29 වන දින 57 වන සේනාංකයේදි පැවැත්විණි.

57 වන සේනාංකය යටතේ ඇති බළසේනා සහ බළඇණි වල නිළධාරින් සහ සෙසුනිළයන් සදහා මෙම වැඩමුළුව පැවැත්වු අතර සිතියම්ගත කිරිම සහ දත්ත ගබඩා කිරීමේ පද්ධති මත පදනම්ව නිළධාරින්ට සහ සෙබළුන්ට භූගෝලීය තොරතුරැ පද්ධතිය ආශ්‍රිත යෙදවුම් ප්‍රායෝගිකව හුරැකරවීම මෙහි පරමාර්ථය විය. න්‍යාත්මක සහ ප්‍රායෝගික අංශ සහ පරිශීලකයන්ගේ ගැටළු මෙහිදි සාකච්ජා කෙරැණි. මෙම වැඩ සටහනේ කොටසක් ලෙස කනිෂ්ඨ නායකයින්ගේ නායකත්ව පුහුණුව සදහා ක්‍රියාත්මක කරන ලදි. මේ සදහා විධායක අධිකාරින් බුද්ධි නිළධාරින් සහ පරිගණක ක්‍රියාකරුවන් ඇතුලු නිළධාරින් 06 ක් සහ සෙබළුන් 25 දෙනෙකු සහභාගිවිය.