Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

21st January 2020 17:39:21 Hours

57 වන සේනංකය විසින් ඩෙංගු මදුරුවන් බෝ විම වැලැක්විම සදහා වැඩසටහනක් පවත්වයි

57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පි ගේ මගපෙන්විම මත 572 වන බලසේනාවේ භට පිරිස්ගේ සහයෝගය ඇතිව ඩෙංගු මදුරුවන් බෝ විම වැලැක්විම සදහා වැඩසටහනක් 2020 ජනවාරි මස 11 වන දින විශ්වමඩු බටහිර ග්‍රාම නිලධාරි වසමේ සිදුකරන ලදි. එහි දී මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන එවැනි ස්ථානයන්හි මදුරුවන් ඇතිවීම වැළැක්වීම සඳහා ගම්වාසීන් දැනුවත් කර එම ස්ථානයන් පිරිසිදු කරන ලදී. මේ සදහා 572 වන බලසේනා මූලස්ථානයේ නිලධාරීන් 02x50 ක් හා 6 වන සිංහ රෙජිමේන්තුව, 14 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලළුවේ භට පිරිස් සහ විශ්වමඩු මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, ග්‍රාම නිලධාරි, ධර්මපුරම් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් සහභාගී වූහ.