Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

09th January 2021 19:58:46 Hours

57 වන පාබල සේනාංකය විසින් මෝසම් කාළගුණයෙන් ප්‍රදේශයේ ආපදා අවම කිරිම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සාකචිජාමය වැඩසටහනේ තුන්වන අධියර පවත්වයි

ඒකාබද්ධ ආපදා අවම කිරිමේ යාන්ත්‍රනයක් සකස් කිරිමේ විෂය පථය යටතේ ආපදා අවම කිරිම සදහා රජයේ වගකිවයුතු නිළධාරින් සමග පැවැත්වෙන තුන්වන සාකච්චාමය වැඩමුළුව 2020 දෙසැම්බර් මස 24 වන දින 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුජිව සෙනරත්යාපාගේ මඟ පෙන්වීම මත 571 පාබල බළසේනාංකය විසින් සංවිධානය කරන ලදි. මෝසම් සමයේදි උතුරැ නැගෙනහිර ප්‍රදේශයට ඇතිවියහැකි ගංවතුර තත්වය සදහා සුදානම් වීමේ ක්‍රියාවලීන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව පැවැත්වු අතර මෙහිදි 572 වන පාබල බළසේනාවේ බළසේනාධිපති විසින් අණදෙන නිළධාරින්ට ආපදා අවම කිරිම සහ සහන මෙහෙයුම්වල යෙදෙන විට ප්‍රායෝගිකව නිර්වචනය නොකල ප්‍රදේශ පිළිබදව සාකචිචා කිරිමට අවස්ථාව ලබා දෙන ලදි.

මෙම වැඩසටහන සදහා 572 පාබල බළසේනාවේ බළසේනාධිපති, අණදෙන නිළධාරින්, 57 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිළධාරින් සහ කිළිනොචිචි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂක එම් ගොකුලරාජ් මහතා ද සහභාගිවිය.