Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th March 2021 14:41:06 Hours

57 වන පාබල සේනාංකය විසින් ගිනි ආරක්‍ෂණ සහ වැලැක්වීමේ දේශනයක්

57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිආර්ආර්පි ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ගේ උපදෙස් පරිදි යාපනය ගිනි නිවීම් ඒකකයේ නිළධාරි පුරුෂෝත් මහතා විසින් ගින්නක් ඇතිවීමට හේතුව, ගින්නක් පැතිරිම වලක්වා ගන්නා ආකාරය මෙන්ම ගනි නිවිම සදහා භාවිතා කරනු ලබන විවිධ වර්ගයේ ගිනිනිවිමේ උපකරණ පිළිබඳව සහ ප්‍රථමාධාර පිළිබඳ දේශනයක් 57 වන පාබල සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදි 2021 මාර්තු මස 24 වන දින පවත්වන ලදි.

මෙම දේශනයේදි නිළධාරින්ට සහ සෙබළුන්ට ගිනි නිවන උපකරණ පිළිබඳව අවබොධයක් මෙන්ම ගින්නක් වලක්වා ගන්නා ආකාරය ප්‍රායොගිකව පුහුණු වීමේ අවස්ථාව හිමිවිය. බදාදා පුහුණු දිනයට සමගාමිව පැවැත්වුනු මෙම පුහුණු අවස්ථාව සදහා සේනාංකයේ‍, අණදෙන බළසේනා සහ ඒකක වල මෙන්ම කොකාවිල් පතුරම් ගබඩාවේ නිළධාරින් 08 ක් සහ සෙබළුන් 85 දෙනෙකු සහභාගිවිය.