Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

28th February 2021 12:24:31 Hours

57 පාබල සේනාංකයෙහි නව සේනාංකාධිපති සිය ධුරයෙහි වැඩ භාර ගනී

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පාලනය වන 57 පාබල සේනාංකයෙහි 15 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ජීආර්ආර්පී ජයවර්ධන ආර්බඩ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2021 පෙබරවාරි මස 22 වන දින වැඩ භාර ගන්නා ලදී.

57 පාබල සේනාංකය මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිතුමන් වෙත යුධ හමුදා සම්ප්‍රදානුකූලව සම්ප්‍රදානුකූලව කදවුරු සම්මාන මුරයක් සහ ආචාර පෙළපාලියක් 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පිරිනමන ලදී. අනතුරුව සිය කාර්යාලයේදී ආගමික චාරිත්‍රානුකූලව සුභ මොහොතින් එම තනතුරෙහි නිල ලේඛණ වලට අත්සන් තබමින් සිය ධුරයෙහි වැඩ භාර ගන්නා ලදී.