Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th September 2020 13:49:56 Hours

57 පාබල සේනාංකය විසින් “සාර්ථක කණ්ඩායමක සාමාජිකයෙකු වන්නේ කෙසේද” පිලිබද දේශණයක් පවත්වනු ලබයි

57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුජීව සෙනරත් යාපා ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මඟ පෙන්වීම යටතේ, නිර්භීතව සටන් කිරීමේ ශක්තිය කෙරෙහි අවධානය යොමු කරමින් සියලු මට්ටම්වල නායකයින් සදහා 1 වන විශේෂ බලකායේ මේජර් එස්එම්එන්කේබී සෙනවිරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, විසින් “සාර්ථක කණ්ඩායමක සාමාජිකයෙකු වන්නේ කෙසේද” යන මාතෘකාව යටතේ 2020 අගෝස්තු 27 වන දින 3 වන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී දේශනයක් පවත්වන ලදී. මෙම දේශණය සදහා 573 පාබල බලසේනාවේ බලසේනාධිපති, 57 පාබල සේනාංකයේ කර්නල් ප්‍රමානී, 3 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වන ලදී.