13th March 2019 18:10:23 Hours
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ මෙහෙයවීමෙන් 572 බළසේනාවේ බළසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ සංවිධානය කරන ලද ඇස් කණ්නාඩි බෙදාදිමේ වැඩසටහනක් 2019 මාර්තු මස 08 වන දින පවත්වන ලදි.
මෙම වැඩසටහන ධර්මපුරම් ශාන්ත ලුක්ස් දේවස්ථානයේදී පැවැත්වු අතර, මේ සදහා මැලේසියාවේ මහා කරුණ බෞද්ධ සංගමය සහ විද්‍යා සිවලෝගනාතන් පදනම අනුග්‍රහය දක්වන ලදී. කිලිනොච්චි ප්‍රදේශයේ විශ්වමඩු, තෝට්ටඅඩි, චුන්ඩිකුලම්, තේරවිල්, පුන්නිරවි, මයිලවානපුරම්, බාරතිපුරම් සහ නෙතලිආරු යන ගම්වැසියන් අතර ඇස් කණ්නාඩි 570 බෙදා දෙන ලදී.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 57 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුලු විද්‍යා සිවලෝගනාතන් පදනමේ සභාපතිනි සුවිනීතා වීරසිංහ මහත්මිය සහ විද්‍යා සිවලෝගනාතන් පදනමේ සම සභාපති මහාචාර්ය නන්දලාල් යන අයවලුන් සහභාගීවන ලදී.