05th November 2019 23:00:55 Hours
කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පී ගේ මගපෙන්විම යටතේ දීපවාලි උත්සවයට සමගාමීව වැඩසටහන් මාලාවක් 2019 ඔක්තොබර් මස 27 වන දින පවත්වන ලදී.
571 වන බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් ඩී කේ එස් කේ දොලගේ යූඑස්පී පීඑස්සී ගේ අධික්ෂණය යටතේ 7 වන ශ්රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මලයාලපුරම් මුතුමාරී පත්තිනි අම්මාන් කෝවිලේදී සිසිල් පැන් සහ බිස්කට් දන්සැලක් සංවිධානය කර තිබුණි.
572 වන බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් ඩී එම් පී පී දසනායක ගේ අධීක්ෂණය යටතේ 6 වන ශ්රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මාන්කුලම් ච්ට්ටි ව්නයාගර් කෝවිලේදී ආශිර්වාද පූජාවක් පවත්වන ලදී.
573 වන බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් යූ එල් ජේ එස් පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ අධීක්ෂණය යටතේ 6 වන ශ්රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් නාගතම්විරන් කෝවිලේදී කෝවිල් පූජාවක් සහ මෙම අවස්ථාවට සහභාගීවු බැතිමතුන් සදහා දානමය කටයුක්තක් සංවිධානය කර තිබිණි.
574 වන බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් අයි ඒ එන් බී පෙරේරා ආර්බඩ්ලිව්පී යූඑස්පී පීඑස්සී ගේ අධීක්ෂණය යටතේ 3 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් මාන්කුලම් පුල්ලයාර් කෝවිලේදී කෝවිල් පූජාවක් පවත්වන ලදී.