Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th July 2020 10:39:18 Hours

57 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් 3 වන ගජබා රෙජිමෙින්තුවෙි නිළධාරින් සහ සෙසුනිළයන් හට වැමුළුවක් පවත්වයි

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ‌ජෙනරාල් ඩීජීඒස් සෙනරත් යාපා ආර්ඩබිලිවිපී ආර්ඒස්පී ඒන්ඩීයූ විසින් 3 වන ගජබා රෙජිමේන්තුවෙි නිළධාරින් සහ සෙසුනිළයින් හට නායකත්ව හා අභිප්ප්‍රේරණ පිලිබද වැඩමුළුවක් 2020 ජුනි මස 23 වන දින පවත්වන ලදි.

පුහුණුවීම් තුළින් ඉගෙනීම යන සංකල්පය මත මෙම වැඩමුළුව පැවැත්වූ අතර ඕනෑම අවස්ථාවකට අදාලව මෙහෙයුම් හා මෙහෙයුම් නොවන ක්‍රියාකාරකම් වලට අදාල සුදානම සදහා නව ප්‍රවේශයන් හදුන්වා දීමත් වෙිගයෙන් වෙනස්වන පරිසර තත්වයන්ට අනුවර්ථනය වන සෙබළුන්ගේ චිත්තධෛර්ය ඉහල නැංව්ම සදහා පැවැත්වුනු මෙම වැඩමුළුවේදි තත්වයන් හැසිරවීමේ හා කළමනාකරනය කිරීමේ ක්‍රමවේදයන් පිළිබද දීර්ග වශයෙන් සාකච්ජා කල අතර මේ සදහා 3 වන ගජාබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි ඇතුලු සියලුම නිළධාරින් සහ සෙසු නිළයින් සහභාගි වන ලදි.