04th May 2019 11:27:24 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 12 වන සේනාංකාධිපතිවරයා ලෙස බ්‍රිගේඩියර් ඒ එස් හේවාවිතාරන ආර් එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි 2019 මැයි මස 01 වන දින සිය ධුරයේ රාජකාරි අරඹන ලදි.
සේනාංක පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්රදායනුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිමේන් අනතුරුව බ්‍රිගේඩියර් ශාන්ත හේවාවිතාරන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිය කාර්යාලයේදී නිල ලියකියවිලි සඳහා අත්සන් තබමින් සිය රාජකාරි ආරම්භ කරන ලදී. අනතුරුව 57 වන සේනාංක මුලස්ථානයේ සියළුම නිලයින් ඇමතූ අතර, තේ පැන් සංග්‍රහයකටද සහභාගි වන ලදි. මෙම අවස්ථාව සදහා 57 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ඒකකයන්හි අණදෙන නිලධාරින් ජ්‍යෙෂඨ නිලධාරින්/ නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගි වන ලදි.