Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th January 2021 17:46:14 Hours

5 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස්හේවා බළකාය සිය 11 වන සංවත්සරය සමරයි

කිළිනොච්ච් තිරුමුරුක්කන්ඩි හි ස්ථාපිත 5 වන ශ්‍රි ලංකා පොලිස්හේවා බළකායේ සිය 11 වන සංවත්සරයට සමගාමිව 2020 දෙසැම්බර් මස 24 සිට 28 දක්වා සැමරුම් මාලාවක් පවත්වන ලදි.

ආගමික කටයුතුවලට ප්‍රමුඛතාවය දෙමින් 2020 දෙසැම්බර් 24 වන දින තිරුමුරුක්කණ්ඩි කෝවිල් පරිශ්‍රයේදි හින්දු ආගමානුකූල කටයුතු පැවැත්වු අතර 26 වන දින 5 ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස්හේවා බළකා මුලස්ථාන පංසල් පරිශ්‍රයේදි බෝධිපුජාවක්ද පවත්වන ලදි.

2020 දෙසැම්බර් මස 28 වන දින 5 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස්හේවා බළකායේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් දිල්ෂාන් පෙරේරා වෙත සම්ප්‍රධායිකව කදවුරු සම්මාන මුරයේ ගෟවචාරය පිරිනමන ලදි. පසුව අණදෙන නිළධාරි විසින් භඨපිරිස් ඇමතීම සහ සියලු නිළ දිවා ආහාරය සදහා සහබාගිවිය.

සංවත්සරයට සමගාමිව ඒකකයේ නිළධාරින් සහ සෙබළුන් විසින් වසන්තන්නගර් ප්‍රදේශයේ තොරාගත් පවුලක් සදහා වියලි ආහාර ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ සහ පාසල් උපකරණ ලබා දීමද සිදු කරන ලදි.