Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

23rd April 2020 08:21:07 Hours

5 වන ශ්‍රි ලංකා පොලිස් හේවා බලකාය විසින් කිලිනොච්චියෙහි වසන්තර් නගර් අඩු ආදායම්ලාභීන් සදහා වියලි සළාක මළු බෙදා දෙයි

කොව්ඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දැනට දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත් කිලිනොච්චියෙහි වසන්තන් නගර් ග්‍රාම නිලධාරි කොට්ඨශයේ අඩු ආදායම්ලාභි පවුල් 40 ක් සදහා 5 වන ශ්‍රි ලංකා පොලිස් හේවා බළකායේ නිලධාරීන් සහ සෙසු නිලයිනිගේ දායකත්වයෙන් සකසා ගත් වියලි සළාක මළු බෙදාදීමේ වැඩසටහනක් 2020 අප්‍රේල් මස 15 වන දින පවත්වන ලදී. තවද මෙම වියලි සළාක සදහා තලවතුගොඩ ඒස් එම් ද සිල්වා මහතාද අනුග්‍රහය දැක්විය.

මෙම වැඩසටහන කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ගේ මගපෙන්වීම මත 5 වන පොලිස් හේවා බලකායේ වැඩ බලන අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කරන එන් පී ඊ එන් නේරන්ගම එල්එස්සී ගේ පූර්ණ අධීක්‍ෂණය මත සිදුකරන ලද අතර, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ජිල් ජයසුන්දරම් මහතාද එම අවස්ථාවට සහභාගී වන ලදී.