Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd January 2020 12:00:10 Hours

4 වන කාන්තා බළකායේ සෙබළියකගේ නිවසේ උළු සෙවිලි කර දෙයි.

57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පි ගෙන් කරන ලද ඉල්ලිමකට අනුව 4 වන කාන්තා බළකායේ සෙ/101244 කාන්තා සෙබළ පුවිතා සෙබළියගේ නිවසේ වහලය අලුත්වැඩියා කර දෙන ලදී. ඇය 2014 වර්ෂයේදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී ඇති අතර, අංක 60, මුසලාම්පිඩ්ඩි, පුලියන්පොක්කනායි කන්දවාලයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හි පදිංචිව සිටි ඇය දෙමව්පියන් සහ බාල සහෝදරියන් දෙදෙනෙකු සමඟ ඇගේ නිවසේ ජීවත් වේ. මෝසම් සමයේ ඇති වූ කාලගුණික තත්වය හේතුවෙන් නිවසේ වහලය කඩා වැටීමේ අවදානමක් ඇති බව නිරීක්ෂණය විය. පවුලේ ආර්ථික තත්ත්වය සලකා බැලීමෙන් පසු වහලය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කර දෙන ලදී. තවද, ඇගේ බාල සොහොයුරියට අ.පො.ස. (O / L) විභාගයට නිදහස් මනසින් පෙනී සිටීමට මෙය පිටුවහලක් වන බව ඔවුන් පවසා සිටියේය. මේ සදහා 57 වන සේනාංකයේ ඉංජිනේරු සේවා අංශය විසින් තාක්‍ෂණික හා නිපුණතා ඇති භට පිරිස් ඒ සදහා යොමු කර ඒ සඳහා ප්‍රදේශයේ භට පිරිස් විසින් ශ්‍රමදායකත්වය ලබා දෙන ලදී. 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද නිවස වෙත ගොස් නිල වශයෙන් ඔවුන් වෙත භාර දෙන ලදී. මෙම අවස්ථාවට බළසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, සහ 57 වන සේනාංකයේ අධීක්‍ෂණ ඉංජිනේරුවරයා ද සහභාගී වූහ.