Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd January 2020 11:55:13 Hours

2019 වර්ෂයේ කිලිනොච්චියෙහි නත්තල් බැති ගී ප්‍රසංගය

ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චිය ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පි අධීක්‍ෂණය යටතේ උදාවන නත්තල් සමය තුල විවිධ ජන කොටස් අතර ආගමික සංහිදියාව සහ සාමය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් විශේෂ නත්තල් බැති ගී ප්‍රසංගයක් කිලිනොච්චිය නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී 2019 දෙසැම්බර් මස 13 වන දින පැවැත්විය.

මෙම නත්තල් බැති ගී සැඳැව සඳහා කිතුනු නායකයින් සහ හින්දු නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චිය ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි සහ විශේෂ ආරධිත අමුත්තා වශයෙන් සපැමිණි අනු නායක ජෙබාරත්නම් පියතුමන්, කිලිනොච්චිය අතිරේක දිස්ත්‍රික් ලේකම් සත්‍යසීලන් මහතා සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් අකිලන් මහතා සහභාගි විය.

ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චිය ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි විසින් පැමිණි සිටි සැම පිලිගැනීමේ කතාව සිදු කල අතර, කිලිනොච්චිය බාරතිපුරම් බැප්ටිස් දේවස්ථානයේ දියණියන් විසින් පිළිගැනිමේ නර්ථනය ඉදිරිපත් කර අතර, අනු නායක ජෙබාරත්නම් පියතුමන් විසින් නත්තල් දින පණිවිඩය ප්‍රකාශ කරන ලදී.

බැති ගී සන්ද්‍යාවේදී සාමය සහ සංහිදියාව සංකේතවත් කරමින් සිංහල, දමිළ සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත පීළිබද බැති ගී ගැයුනු අතර, යුධ හමුදා තූර්ය වාදක, නර්ථන කණ්ඩායම, කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන බැති ගී කණ්ඩායම, කරුණා නිලයම් දේවස්ථානයේ බැති ගී කණ්ඩායම, ඇමරිකානු ලංකා දේව සභාවේ ගීතිකා කණ්ඩායම, දකුණු ඉංදියානු දේව සභාවේ ගීතිකා කණ්ඩායම, බාරතිපුරම් බැප්ටිස් දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම, රෝමන් කැතලික් දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම සහ බැප්ටිස් දේවස්ථානයේ දේවදූතිකා කණ්ඩායම් විසින් නත්තල් බැති ගී ගායනය සඳහා දායකත්වය ලබාදෙන ලදී.

අවසාන වශයෙන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන බළප්‍රදේශයේ පැවති මෙම සාමකාමි නත්තල් බැති ගී සන්ධ්‍යවේදි සංහිදියාව මුල් කරගනිමින් සියළුම බැති ගී කණ්ඩායම් එකම බැති ගී කණ්ඩායමක් ලෙසින් නත්තල් සුභ පැතුම් සහ නත්තලේ සාමය ගිතීකා මඟින් ඉදිරිපත් කරන ලදි.

මෙම උත්සව අවස්ථාව සඳහා කිතුනු නායකයින්, හින්දු නායකයින්, ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ආ‍ඥාපති, ඉදිරි නඩත්තතු පෙදෙස (කිලි) ආඥාපති, 57, 66 වන සේනාංකයන්හි සේනාංකාධිපතිතුමන්ලා සහ බළසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිළධාරින් හා අනෙකුත් නිළධාරි/නිළධාරිණියන්, සෙසුනිළයින් ඇතුළු ක්‍රිස්තියානි බැතිමතුන් සහභාගිවන ලදි.

නත්තල් බැති ගී සන්ධ්‍යාවට ගිතිකා ඉදිරිපත් කල ගිතිකා කණ්ඩායම් වලට සහ නර්ථන කණ්ඩායම් වලට විශේෂ ආරධිත ආරාධිත අමුත්තා වශනේ සපැමිණි අනු නායක ජෙබාරත්නම් පියතුමන් විසින් ත්‍යාග ලබා දෙන ලදි.