Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

27th February 2019 16:35:31 Hours

2019 ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි අභියොගතා කුසලාන පාපන්දු අවසන් මහා තරගාවලිය.

2019 ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි අභියොගතා කුසලාන පාපන්දු අවසන් මහා තරගය ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති තුමාගේ උපදෙස් වලට අනුව 652 බසේමු වෙතින් සංවිධානය කරනු ලැබු අභියෝගතා කුසලාන පාපන්දු තරගාවලිය 2019.02.26 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ක්‍රිඩාපිටියේදි පවත්වන ලදි.

මෙම තරගාවලිය සඳහා යුද්ධ හමුදා කණ්ඩායම් 20 ක් සහ සිවිල් කණ්ඩායම් 03 සහභාගිවු බැවින් ,අවසන් මහ තරගාවලිය සඳහා 1 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායමත් 9 වන සංඥා බළකා කණ්ඩායම සුදුසුකම් ලැබු අතර, සිවිල් කණ්ඩායම් අතරින් කනගපුරම් ක්‍රිඩා සමාජය සහ වඩ්ඩකච්චි ඉලන්කලේයර් ක්‍රිඩා සමාජය සුදුසුකම් ලබන ලදි.

ඒ අනුව 1 වන ගජබා රෙජිමෙන්තු කණ්ඩායම සහ 9 වන සංඥා බළකා කණඩායම අතර පැවති අවසන් මහා තරගයේ ජය 5-3 ලෙස 1 ගජබා රෙජිමේන්තු කණ්ඩායම ජය ගෙන ශූරතාවය හිමිකරගනි.

සිවිල් කණ්ඩායම් අතුරින් සුදුසුකම් ලැබු කනගපුරම් ක්‍රිඩා සමාජය සහ වඩ්ඩකච්චි ඉලන්කලේයර් ක්‍රිඩා සමාජය අතර පැවති තරයේ 2-1 ලෙස වඩ්ඩකච්චි ඉලන්කලේයර් ක්‍රිඩා සමාජය ජයගෙන ශූරතාවය දිනාගන්නා ලදි.

65 වන සේනාංකයේ සේනංකාධිපති හා 66 වන සේනාංකයේ සේනංකාධිපති විසින් ජයග්‍රහි හා අනුශූරතා කණ්ඩායම් වෙත කුසලානය සහ සහතික පත් ලබා දෙන ලදි.