Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

04th June 2018 10:22:14 Hours

2018 මළල ක්‍රිඩා තරගාවලිය පැවැත්ව්ම ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි

2018 ජවන හා පිටිය මළල ක්‍රිඩා තරගාවලිය ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් මත ඉදිරි නඩත්තු පෙදෙස කිලිනොච්චිය සංවිධානයෙන් ඒකක 35 ක සහභාගිත්වයෙන් 2018.05.31 දින සිට 2018.06.02 වන දින දක්වා කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලිය ක්‍රිඩාංගනයේදි පවත්වන ලදි.

මෙම මළල ක්‍රිඩා තරගාවලියේ අවසාන දිනය 2018.06.02 වන දින පැවැත්වු අතර, එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගි විය.

ජවන හා පිටිය මළල ක්‍රිඩා තරගාවලිය සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය සහ යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස කිලිනොච්චිය, බළසේනා ඇතුළු ඒකකයන්හි භඨ පිරිස් සහ කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගිවු අතර, මෙම තරගාවලියේ ධාවන තරග ඉසව්,පිටියේ තරග සහ කණ්ඩායම් තරග වශයෙන් පවත්වන ලදි.

මළල ක්‍රිඩා තරගාවලිය සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය සහ ඉදිරි නඩත්තු පෙදෙස කිලිනොච්චිය එකාබද්ධ කණ්ඩායමක් වශයෙන්ද 57, 65, 66 සේනාංක වෙන් වෙන් වශයෙන්ද තරග වැදුනු අතර, කණ්ඩායම් අතරින් ප්‍රථම ස්ථානය 57 සේනාංකය හිමිකරගත් අතර, දෙවන ස්ථානය 65 සේනාංකයද තෙවන ස්ථානය 66 සේනාංකය හිමිකරගන්නා ලදි.

මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස සෙ/364964 කෝප්‍රල් රණවක එම් ආර් එන් 57 වන සේනාංකය හිමිකර ගත් අතර, තරගාවලියේ දක්ෂතම ක්‍රිඩිකාව ලෙස සෙ/3ආර්001404 සැරයන් කරුණාවති ඩබ්ලිව් එම් 6 (සෙව්) ශ්‍රිලයුකාබ හිමිකර ගන්නා ලදි.