15th May 2020 19:36:02 Hours
14 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් කිලිනොච්චියෙහි මයිලවානපුරම් ප්‍රදේශයේ අඩුආදයම්ලාභි පවුල් 55 ක් සදහා වියලි සලාක මළු බෙදාදීමේ වැඩසටහනක් 2020 අප්‍රේල් මස 22 වන දින පවත්වන ලදී.
කොව්ඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම වැඩසටහන පවත්වනු ලැබූ අතර, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බිපිඑස් ද සිල්වා ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ, 572 වන බලසේනාවේ බලසේනාධිපති ඩීඑම්පීපී දසනායක ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදි.