Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th July 2020 11:50:27 Hours

සිවිල් බළධාරින් සහ ගම්වැසියන් සදහා වැඩමුළුවක් 10 වන ශ්‍රි ලංකා පාබළ හමුදාව විසින් සංවිධානය කරන ලදි

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ගේ ප්‍රධානත්වයෙන් 653 බළ සේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිළධාරිගේ සංකල්පයකට අනුව සිවිල් පරිපාලන නිලධාරීන්ට සහ ගම්වැසියන් අතර වැඩමුළුවක් 2020 ජූලි මස 03 වන දින පාලිනගර් පිහිටි 10 වන ශ්‍රි ලංකා පාබළ හමුදා මුලස්ථානයේ පැවැත්විණි.

පාලිනගර් ප්‍රදේශයේ වගකිවයුතු රජයේ නිළධාරින්, ගම්වාසීන් සහ හමුදාව අතර අන්තර් පුද්ගල සම්බන්දතාවය වැඩි දියුණු කිරිමටත්, ප්‍රදේශයේ ආරක්‍ෂාව සහතික කිරිමටත් අදාල නිලධාරින්ට සහයෝගය ලබා දෙමින් ජනතාවගේ ජීවණ තත්වය ඉහල නැංවීමේ අරමුණින් පැවැත්වූ මෙම වැඩමුළුව සදහා මල්ලාවි ග්‍රාම නිළධාරින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, මාන්කුලම් විදුලිබළ මණ්ලයේ ප්‍රධාන ඉංජිනේරු, මාන්කුලම් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු, සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් ඇතුලු රජයේ නිලධාරින් රැසක් මෙම රැස්වීම සදහා සහභාගී විය.