Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

07th December 2018 15:48:57 Hours

සංගීත චිකිත්සාව (MUSIC THERAPY) වැඩසටහනක් පැවැත්විම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ මගපෙන්විම හා පුර්ණ අධික්ෂණය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් 2018 නොවැම්බර් මස 30 වන දින සන්ධ්‍යාවේ පැය දෙකක කාලයක් පුරා MUSIC THERAPY ( සංගීත චිකිත්සාව) සංගීතමය වැඩසටහනක් කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබිය.

ප්‍රවීණ සංගීතවේදි කේ ප්‍රදීප් බෝගහවත්ත කලාසූරීන් සහ එතුමාගේ සංගීත කණ්ඩායම (CRESCENDO) විසින් MUSIC THERAPY(සංගීත චිකිත්සාව) සංගීතමය වැඩසටහන පැවැත්තු අතර, ඒ සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් 52 ක් සහ සෙසු නිළයින් 800 දෙනෙකු සහභාගි වන ලදි .

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහභාගි වන ලදි.