Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st March 2020 09:21:37 Hours

විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන සිවිල් වැසියන්ට අවශ්‍ය වියලි ආහාර සලාක මළු පරිත්‍යාග කිරිමට කිලිනොච්චි භටපිරිස් කටයුතු කරති

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ අදාළ ග්‍රාම නිලධාරීන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන සාමාන්‍ය වැසියන්ට අවශ්‍ය තිරිඟු පිටි කිලෝග්‍රෑම් 2 බැගින් වූ පැකට් 2904 ක වියලි ආහාර සලාක පාර්සල් 2020 මාර්තු මස 25 වන දින එම ජනතාව අතර බෙදාදෙන ලදී.

රටේ දැනට උද්ගත වී ඇති හදිසි තත්ත්වය හේතුවෙන් දිගින් දිගටම පණවන ලද ඇදිරි නීතිය හමුවේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන ජනතාවට සහන සැලසීම සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි විසින් ලබාදුන් උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.