14th May 2021 16:35:39 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 4 වන සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් කිලිනොච්චි පොලිස් ස්ථානයේ නිලධාරින් සමඟ එක්ව 2021 මැයි මස 03 වන දින කිලිනොච්චිය, ශාන්තිපුරම් ප්‍රදේශයේදී රුපියල් අට ලක්ෂ පහලොස්දහසක (රු. 815,000.00) වටිනාකමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු තවත් මිතුරෙකු සමඟ එක්ව ශාන්තිපුරම් ප්‍රදේශයේ සාප්පුවකින් භාණ්ඩ මිලදී ගැනීමට උත්සහ ගෙන ඇති අතර මේ පිළිබඳ එම සාප්පු හිමියා 4 වන සන්නද්ධ බුද්ධි බලකාය වෙත දැනුම් දී ඇත. ඉන් අනතුරුව, යුද්ධ හමුදා සාමාජිකයින් පොලිස් නිලධාරින් සමග එක්ව කඩිනමින් ක්‍රියාත්මක වී සැකකරු සහ ව්‍යාජ මුදල් නෝට්ටු තොගය අත්අඩංගුවට ගත් අතර, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කිලිනොච්චි පොලිස් ස්ථානය විසින් සිදුකරමින් පවතී.