Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd July 2019 12:29:46 Hours

වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව ග්‍රාමීය රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංක බලප්‍රදේශයේ සේවයේ නියුතු ග්‍රාම නිලධාරීන් 2019 ජුනි මස 22 වන දින 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පෙරුම යුඑස්පි සමඟ වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් පවත්වන ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සුහද සාකච්ඡාව සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් 18 දෙනෙකු සහභාගි වූහ.