Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd October 2018 21:57:14 Hours

ලෝක ළමා දිනය වෙනුවෙන් කිලිනොච්චිය ආරක්‍ෂ සේනා මුලස්ථානයේ සංවිධානයෙන් මහජන බැංකුව වෙතින් දිළිඳු දරු දැරියන් වෙත බැංකු පාස් පොත් ප්‍රධානය කිරිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ ලෝක ළමා දිනය වෙනුවෙන් මෙම මුලස්ථානය යටතේ පාලනය වන 57, 65 සහ 66 වන සේනාංක යටතේ පාලනය වන බළ‍ප්‍රදේශය තුල ඇති පෙර පාසල්හි දරු දැරියන් 238 දෙනෙකු වෙත මහජන බැංකව වෙතින් බැංකු පාස් පොත් 2018.10.01 දින ලබාදෙන ලදි.

මෙහිදි ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපතිගේ ආරාධනය මත කිලිනොච්චිය, වව්නියාව සහ මුලතිව් මහජන බැංකුවෙ නිලධාරින්ගේ අනුග්‍රහය ඇතිව 57, 65 සහ 66 සේනාංකයන්හි සේනාංකාධිපති තුමන්ලාගේ අධික්‍ෂණය යටතේ මෙම වැඩසටහන පවත්වන ලදි.

මෙම උත්සව අවස්ථාවන් සදහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති 66 සේනාංකයේ සේනාංකාධිපති, මහජන බැංකුවේ නිලධාරින්, බළසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් ඇතුළු සෙසු නිලයින් සහභාගිවන ලදි.