09th March 2019 21:39:11 Hours
57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් හා මග පෙන්විම මත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජිවත්වන ගැමි ප්‍රජාව සදහා රූපලාවණ්‍ය පිළිබඳ එක්දින වැඩමුළුවක් 2019 මාර්තු මස 19 වන දින කිලිනොච්චිය නෙළුම්පියස ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.
මෙම වැඩමුළුව 574 වන බලසේනාවේ බලසේනාධිපති සහ 4 වන ශ්‍රි ලංකා කාන්තා බලකායේ අණදෙන නිලධාරි විසින් සංවිධානය කරන ලදි. තවද, කිලිනොච්චිය ලයන්ස් ක්ලබ් ආයතනයේ සාමාජිකයින් විසින් රැකියා විරහිත තරුණියන් අතර රූපලාවණ්‍ය ක්ෂේත්රය හුරු කරවීම මෙම වැඩමුළුවේ අදහස වු අතර, රූපලාවණ්‍ය ක්ෂේත්රය ඉහල ආදායම් දහස් ගණනින් උපයාගත හැකි ක්ෂේත්රයක් බව වටහාදෙන ලදි. මෙම වැඩසටහනේදි පහත සදහන් මාතෘකාවන් ආවරණය කරන ලදි.
i කාන්තාවන් සවිබලගැන්වීම.
ii කෙස් කැපීම.
iii අලංකාරය සහ රූපලාවණ්‍ය සංස්කෘතිය