Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th October 2018 17:29:31 Hours

යුධ හමුදා සංවිධානයෙන් කිලිනොච්චි ක්‍රිඩා සංගම් අතර තරගාවලිය මිත්‍රශිලි තරඟාවලියක් පැවැත්විම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් වලට අනුව 57 වන සේනාංකය යටතේ පාලනය වන 572 බළසේනාවේ සංවිධානයෙන් කිලිනොච්චි ක්‍රිකට් ක්‍රිඩා සංගම් අතර මිත්‍රශීලි තරගාවලියක් 2018.10.03 වන දින විශ්වමඩු මධ්‍ය මහා විද්‍යාලිය ක්‍රිඩාංගනයේදි පවත්වන ලදි.

මෙම තරඟාවලිය සඳහා ක්‍රිඩා කණ්ඩායම් 9ක් සහභාගිවු අතර, අවසන් මහා තරඟාවලිය සඳහා විශ්වමඩු තෝරල්ගල් ක්‍රිඩා සමාජය සහ විශ්වමඩු මධ්‍යම ක්‍රිඩා සමාජය සුදුසුකම් ලැබු අතර, මෙම ක්‍රිකට් ක්‍රිඩා සමාජ දෙක අතර පැවති තරඟයෙන් විශ්වමඩු මධ්‍යම ක්‍රිඩා සමාජය ජයග්‍රනය කරන ලදි.

ජයග්‍රහකයින් හට ත්‍යායාග ප්‍රධානය කිරිමේ උත්සව අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තාන් වශයෙන් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශිය ලේඛම් කාර්යාලයේ ප්‍රාදේශිය ලේඛම් එම් ප්‍රදිපන් මහත සහභාගිවු අතර. 572 සහ 573 බළසේනාවල බළසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින්, අනෙකුත් නිලධාරින්, සෙසු නිලයින් සහ ක්‍රිඩා කණඩායම් ඇතුළු සිවිල් ජනතාව සහභාගිවන ලදි.

ක්‍රිකට් තරඟවලියේ ජයග්‍රාහකයන් සහ අනෙකුත් ක්‍රිඩකයින් හට 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශිය ලේඛම් කාර්යාලයේ ප්‍රාදේශිය ලේඛම් එම් ප්‍රදිපන් මහත විසින් ක්‍රිඩා අමාත්‍යංශය වෙතින් ලබාදුන් ක්‍රිඩා භාණ්ඩ ප්‍රධානය කිරිමේන් පසුව පැමිණි සිටි සියළුම දෙනාගේ රශාශ් වදය වෙනුවෙන් කෙටි සංගිත සංදර්ශනයක් සහ දමිළ සහ සිංහල රඟදක්විමක් යුධ හමුදා සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලදි.