31st July 2019 21:32:27 Hours
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇතිවූ සුළි සුලං තත්ත්වය හේතුවෙන් අම්බල්පුරම්, 4 කණුව ප්‍රදේශයේ පදිංචි වාදිවෙල් සෙල්ලම්මා මහත්මියගේ නිවසේ වහලය හානි වූ අතර ඒ පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත 653 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ.ඒ.ජේ.එල්.බී. උඩෝවිට ගේ අධීක්ෂණය යටතේ එම බල ප්‍රදේශයේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් යුද්ධ හමුදාවේ අමුද්‍රව්‍ය යොදාගනිමින් එම නිවසේ වහලය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරදෙන ලදි.
මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 9 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පැය කිහිපයක් තුල සාර්ථකව නිම කරන ලදි.