Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

21st August 2018 20:33:13 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් පුනරින් ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත නොමිලේ ඇස්කණ්නාඩි

ආරක්ෂාක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ ස්ථාපිත 66 සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 66 සේනාංකයේ රාජකාරි නියුතු භට පිරිස්ගේ සංවිධානයෙන් පුනරින් ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල්වල දෘෂ්‍යාබාධිත සාමාජිකයින් 312 දෙනෙකු වෙත ශ්‍රි ලංකා රතු කුරුස සංවිධානය අනුග්‍රහකත්වය ඇතිව නොමිලේ ඇස්කණ්නාඩි සහ ‍වෛදය සායනයක් 2018 අගෝස්තු මස 12 වන දින පුනරින් කිලිනොච්චි ශ්‍රි විග්නේෂ්වර විද්‍යාලයේදි පවත්වන ලදි.

මෙම වෛද්‍ය වැඩසටහන 661 බළසේනාවේ සේනාංකාධිපති කර්නල් ප්‍රියන්ත ජයවර්ධනගේ අධීක්‍ෂණය මත පැවත්වු අතර, ඇස්කණ්නාඩි ලබාදිම සදහා බළසේනාධිපතිගේ ආරාධනයමත ශ්‍රි ලංකා රතු කුරුස සංවිධානය කිලිනොච්චි ශාඛාව විසින් අනුග්‍රහය දැක්වු අතර, වෛද්‍ය වැඩසටහනේ දි පුනරින් ප්‍රදේශයේ ජිවත්වන අඩු ආදායම් ලාභි පවුල්වල දෘෂ්‍යාබාධිත සාමාජිකයින්හට අක්‍ෂි පරික්ක්‍ෂා කිරිමෙන් අනතුරුව ඇස්කණ්නාඩි ලබාදෙන ලදි.

වැඩසටහන සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 661 බළසේනාවේ බළසේනාධිපති කර්නල් ප්‍රියන්ත ජයවර්ධන සහභාගිවු අතර, රතු කුරුස සංවිධානයේ කිලිනොච්චි ශාඛාවේ ප්‍රධාන විධායක නිලධාරි ක්‍රිෂ්ණරාජා මහතා, රතු කුරුස සංවිධානයේ කිලිනොච්චි ශාඛාවේ ලේඛම් සේදුපත්ති මහතා සහ කිලිනොච්චි මහ රෝහලේ නිරුන්විර වෛද්‍ය නිලධාරි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඒකක අණදෙන නිලධාරින්, සෙසු නිලයින් සහභාගි වන ලදි.