Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th May 2019 15:34:15 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් කිලිනොච්චි පාසල් සිසුන්ට සනීපාරක්‍ෂක පහසුකම් සලසාදෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකීකයෙකුගේ අනුග්‍රාහය ඇතිව කිලිනොච්චි, පොලියන්පොක්කනේ ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ නගේන්ද්‍ර විද්‍යාලයේ සහ පුන්නනිවරයි ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ තම්ඹිරාසා ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් වෙත නව සනීපාරක්‍ෂක සංකීර්ණ දෙකක් ඉදිකරදෙන ලදී.

මෙම විද්‍යාලයන්හි අධ්‍යාපනය හදාරණ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිවිපි එන්ඩියු අයිජි ගේ ඉල්ලීමකට දැක්වූ ප්‍රතිචාර ලෙස ආචාර්ය සුකුමාර් නගේන්ද්‍ර විද්‍යාල පරිශ්‍රයන්හි නව සනීපාරක්‍ෂක සංකීර්ණ දෙකක් ඉදිකිරීමට රුපියල් ලක්‍ෂ 550,000.00 ක් පරිත්‍යාග කරන ලදී.

පරිත්‍යාගශීලින්ගේ මූල්‍යමය දායකත්ව ඇතිව 57 වන සේනාංකයේ සේවයේ නියුතු ඉංජිනේරු භටපිරිස්හි උපදෙස් මත 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවයේ නියුතු භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් නව සනීපාරක්‍ෂක සංකීර්ණ දෙක ඉදිකරදෙන ලදී.

නවතමයෙන් ඉදිකරන ලද සනීපාරක්‍ෂක සංකීර්ණ දෙක පසුගිය 2019.05.09 වන දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිවිපි එන්ඩියු අයිජි ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී සිසුන් වෙත පවරාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන්, 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එ් එස් හේවවිතාරන ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි, 572 හා 573 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටිහය.