Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd January 2019 18:06:13 Hours

මුස්ලිම් පුන්‍යාධාර ආයතනය සහයෝගය ඇතිව කිලිනොච්චිය ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන්වුවන්ට අත්‍යවශය භාණ්ඩ බෙදාදිම.

පසුගිය දිනයන්හිදි පැවති අධික වර්ෂාව හේතුවෙන් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් 66 වන සේනාංකය යටතේ පාලනය වන 2 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භඨ පිරිස් වෙතින් මුස්ලිම් පුන්‍යාධාර ආයතනයේ අනුග්‍රහය ඇතිව ගං වතුරෙන් පිඩාවට පත්වු ජනතාව වෙත සෞඛ්‍ය ආරක්‍ෂිත භාණ්ඩ ජයපුරම් මහා විද්‍යාලයේදි 2018 දෙසැම්බර් මස 29 වන දින බෙදා දෙන ලදි.

තවද ගං වතුරෙන් පිඩාවට පත් පවුල් 51 ක් සදහා රුපියල් 3000.00 ක් වටිනා සෞඛ්‍ය ආරක්‍ෂිත භාණ්ඩ බෙදාදුන් අතර, සිවිල් වැසියන් විසින් යුධ හමුදාව අගයකොට සලකන ලදි.

මේ සදහා 66 වන සේනාංකයේ සේනාංනාධිපත් බ්‍රිගේඩියර් දිප්ති ජයතිලකගේ සහභාගිත්වයෙන් 663 වන බලසේනාව සහ යටතේ පාලනය වන 15 ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාව සහ 2 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගි වන ලදි.