Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st January 2019 13:30:38 Hours

මි මැසි පාලනය පිලිබදව යුධ හමුදා භට පිරිස් දැනුවත් කිරිම

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ මගපෙන්විම හා අධික්‍ෂණය යටතේ කිලිනොච්චි බළප්‍රදේශයේ ජිවත්වන ජනතාවගේ ආරථික මට්ටම ඉහල නැංවිමේ අරමුණුන් මී මැසි පාලනය පිළිබද එක්දින වැඩමුළුවක් 57 වන සේනාංක මුලස්ථාන බහුකාරය ගොඩනැගිල්ලේදි 2019.01.29 වන දින පවත්වන ලදි.

ස්වයං රැකියාවක් ලෙස ‍ මී මැසි පාලනය පවත්වාගෙන යාම සදහා මෙම වැඩමුළුව පැවැත්වු අතර, මේ සදහා “බිගු සම්පත් සුරකිමු” සංගමයේ තිස්ස බණ්ඩාර සහ සුරංග ජයරත්න යන නිලධාරින් විසින් මෙම වැඩසටහන පැවැත්වු අතර, මේ සදහා ප්‍රාදේශිය කෘෂිකරමික නිලධාරින් 10ක් සහ බළසේනා මුලස්ථානයන් සහ ඒකකයන්හි රාජකාරි නියුතු භට පිරිස් 40 දෙනෙකු මෙම වැඩමුළුව සදහා සහභාගිවන ලදි.