Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

07th April 2020 11:26:49 Hours

මල්ලාවි සහ තුණුක්කායි නගර විශබීජහරණය කරයි

17 වන (සේවේච්ඡා) ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් මල්ලාවි සහ තුනුක්කායි නගරයෙහි කොවිඩි 19 වෛරසය වැලැක්විමේ අරමුණින් එම ප්‍රාදේශිය ලේකම් කාර්යාල සමගින් එක්ව සංවිධානය කරන ලද විශබීජහරණය කිරිමේ වැඩසටහනක් 2020 මාර්තු මස 26 වන දින මල්ලවි සහ තුනුක්කයි නගරවල පිහිටි සියලුම ජනාකීර්ණ ස්ථාන, බස් නැවතුම්පලවල්, බැංකු සහ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර පිහිටි ස්ථාන ආවරණය වන පරිදි පවත්වන ලදි. මෙම වැඩසටහන කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි සහ 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් ඩිඑම්එච්ඩි බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි නිලධාරින් ගේ උපදෙස් සහ මෙහෙයවිම මත ක්‍රියාත්මක කරන ලදි.