Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

01st March 2020 09:06:02 Hours

මල්ලාවි මධ්‍ය මහ විද්‍යාල තාප්පයේ චිත්‍ර ඇඳිමේ වැඩසටහනක් සිදුකිරිම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිඑම්එච්ඩි බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි තුමන්ගේ උපදෙස් වලට අනුව 653 බළසේනාව යටතේ පාලනය වන 17 (සෙව්) ශ්‍රි ලංකා පාබල හමුදාවේ භඨපිරිස් විසින් “උතුර දකුණ යා කරන සංහිඳියාවේ සිතුවම් පවුර” යන තේමාව යටතේ සංවිධානය කර ලද මල්ලාවි මධ්‍ය මහ විද්‍යාල තාප්පයේ චිත්‍ර ඇඳිමේ වැඩසටහනක් 2020.02.14 වන දින සිට 2020.02.18 වන දින දක්වා පවත්වන ලදි.

ඒ අනුව මෙම අවස්ථාව දැක බලා ගැනිම සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ඩබ්වි ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි තුමන් සහභාගි වු අතර, “කොලොම්තොට වියත්මග” සංඟමයේ සභාපති වන මහචාර්ය සුරතිස්ස දිසානායක මහතා ඇතුළු චිත්‍ර ශිල්පින් රැසක් සහභාගි වන ලදි. මේ සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් 19 ශ්‍රිලපාහ, 1 විබ, 7 ශ්‍රිලවියාඉ, 17(සෙව්) ශ්‍රිලපාහ, 4(සෙව්) ශ්‍රිලයුකාබ හි භඨපිරිස් හි සහයෝගය ලබාදුන් අතර, මල්ලාවි මධ්‍ය මහ විද්‍යාලයේ ගුරුවරුන්/ආදි ශිෂ්‍යයින්, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු මල්ලාවි ප්‍රදේශයේ විත්‍ර ශිල්පින් විසින් දායකත්වය ලබා දි ඇත.