Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd August 2020 20:08:24 Hours

නිළධාරින්ගේ විශ්ලේෂනාත්මක චින්තනය සංවර්ධනය කිරිම සදහා වැඩමුළුවක් පවත්වයි

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් ඩීජිඑස් සෙනරත්යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පීගේ උපදෙස් අනුව මෙහෙයුම් සංකල්පය අර්ථ දැක්වීම සහ අපේක්‍ෂිත ඉලක්ක ඉටුකිරිම සදහා නව ප්‍රවේශයක් ලබාදීමේ අරමුනින් මෙම වැඩමුළුව පවත්වන ලදි. 2020-2025 කාලය තුල ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි කාර්ය භාරය පිළිබද දැනුවත් කිරිම සදහා පැවැති මෙහි පලමු වැඩමුළුව 2020 ජූලි මස 22 සහ 23 යන දිනවලදි 6 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මුලස්ථානයේදි 572 බළසේනාවේ නිළධාරින්,6 වන සිංහ රෙජිමේන්තුවේ නිළධාරින්,14 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නිළධාරින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි. 57 වන සේනාංකයේ ඉදිරි මාවත ක්‍රියාත්මක කිරීම සදහා බළසේනා සහ බළඇණිවල නිළධාරින්ගේ විශ්ලේෂනාත්මක චින්තන හැකියාව වර්ධනය කිරිම සහ බළසේනා මටිටමින් ශක්තිමත් ක්‍රියාකාරි සැලැස්මක් සකස් කිරිමේ අරමුනින් මෙම වැඩමුළුව පැවැත්විනි.

මෙහිදි 571 බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩිකේඑස්කේ දොලගේ යුඑස්පි පිඑස්සි විසින් බළඇණි සදහා හොද ක්‍රියාකාරි සැලැස්මක් ව්‍යාප්ත කිරිම සදහා ප්‍රායෝගිකව වැඩ කිරිමට නිළධාරින්ට අවස්තාව ලබාදෙන ලදි. මෙම වැඩ මුළුව 57 වන සේනාංකයේ සේනාංකාධිපති, 571 බළසේනාධිපති, 573 බළසේනාධිපති, 57 සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිළධාරිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.