Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st August 2018 15:40:49 Hours

නායකත්වය සහ බලය පිලිබදව කිලිනොච්චි රාජකාරි නියුතු නිළධාරින් හා නිළධාරිනියන් දැනුවත් කරයි

නායකත්වය හා බලය පිළිබඳ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරි නියුතු නිළධාරින් සහ නිළධාරිනියන් දැනුවත් කිරිමේ පුහුණු වැඩමුළුවක් 2018 අගෝස්තු මස 23 වැනි දින 0900 පැයේ සිට 1400 පැය දක්වා කිලිනොච්චි නෙළුම්පියස ශවණාගාරයේදි පවත්වන ලදී.

එවරස්ට් කඳුවැටිය තරණයකර ජයගනු ලැබූ පළමු ආසියානු කාන්තාව වන ජයන්ති කුරුඋතුම්පාල මෙනෙවිය නායකත්වය හා බලය පිළිබඳ නිළධාරින් සහ නිළධාරිනියන් දැනුවත් කිරීම සඳහා පුහුණු වැඩමුළුව පවත්වන ලදී.

මෙම පුහුණු වැඩමුළුව සදහා 66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින් සහ නිළධාරිනියන් 43 දෙනෙකු සහභාගී වූහ.