Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd July 2019 12:04:01 Hours

නව 663 වන බලසේනාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ඇති 66 වන සේනාංකය මුලස්ථාවය විසින් පාලනය වන 663 බලසේනා මුලස්ථානයේ නව බලසේනාධිපති කර්නල් කේ එල් එස් එස් ලියනගම ආර්ඩබ්ලිව්පි 2019 ජුනි මස 19 වන දින පූනාරින් ජයපුරම්හිදි, ආගමික වතාවත්වලට ප්‍රමුඛත්වය දෙමින් රාජකාරි අරම්භ කරන ලද.

663 වන බලසේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව බලසේනාධිපති වෙත හමුදා සම්ප්‍රදායනුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි. නව බලසේනාධිපති විසින් මතකයේ සංකේතයක් ලෙස, 663 වන පාබල බලසේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැලයක් රෝපණය කළේය.

663 වන බලසේනා මුලස්ථානය යටතේ ඇති 15 වන ශ්‍රි ලංකා කාලතුවක්කු මහුදාව, 2 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙණ නිලධාරි සහ 663 වන බලසේනා මුලස්ථානයේ නිලධාරින් මෙම අවස්ථාව සදහා සහභාගිවන ලදි.