02nd December 2019 12:04:26 Hours
66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම් ඩී විජේසුන්දර ආර්එස්පී ගේ මඟ පෙන්වීම යටතේ 662 වන බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් පි ආර් පතිරවිතාණ පිඑස්සි ගේ අධික්ෂණය යටතේ පරන්තන්හි උමයාලපුරම් ප්‍රාථමික පාසලේ දුප්පත් පාසල් ළමුන් සදහා පාසල් උපකරණ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් 2019 නොවැම්බර් මස 21 වන දින සංවිධානය කරන ලදි.
පාසලේ සිසුන් 36 දෙනෙකු සදහා (1-5 ශ්‍රේණිය) පොත් ඇසුරුම්, පාසල් බෑග්, වතුර බෝතල්, දිවා ආහාර පෙට්ටි, පොත්, කඩදාසි සහ වෙනත් ලිපි ද්‍රව්‍ය මෙම අවස්ථාවේදි පරිත්‍යාග කරන ලදි.
මේ සඳහා අනුග්‍රහය දැක්වූයේ කොළඹ කොටුවේ රොටරි සමාජය විසිනි. රොටරි සමාජයේ සභාපති ඇතුළු සාමාජිකයින් සිව් දෙනෙකුද 662 වන බලසේනාවේ බලසේනාධිපති, 20 ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, දෙමාව්පියන්, ගුරුවරුන් සිසු සිසුවියන් සහ යුද්ධ හමුදා නිලධාරින් 10ක්, සෙසු නිලයින් 25 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූහ.
තවද, පාසල් උපකරණ පරිත්‍යාග කිරීමට පෙර දින, 2019 නොවැම්බර් මස 20 වන දින, එම පාසලේම භට පිරිස් සහ දෙමාපියන් විසින් ශ්‍රමදාන වැඩසටහනක්ද පවත්වන ලදී.