Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th February 2019 13:05:34 Hours

දිලිදු පවුලක් සදහා තවත් නිවසක් 66 වන සේනාංකයේ සෙබළුන් විසින් සදා නිමකර දෙයි.

තලගල ශ්‍රි සිද්ධාරථ පදනමේ මුල්‍ය අනුග්‍රහය මත 2 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස්ගේ ශ්‍රමදායකත්වයෙන් දිලිදු පවුලක් වෙත තවත් නිවසක් 2019 පෙබරවාරි මස 16 වන දින නිවැසියන් වෙත භාර දෙන ලදි.

ජයපුරම් ප්‍රදෙශයේ ජිවත්වු මෙම දිලිදු පවුල සදහා නිවසක් තනා දිමට සුදුසු බව 2 වන ජාතික ආරක්‍ෂක බලමුළුව විසින් තොරාගෙන 663 වන බළසේනාව වෙත දැනුම්දිමේන් පසු මෙම නිවස ඉදිකරන ලදි. තවද මෙම නිවස සැදිම සදහා ශ්‍රි සිද්ධාරථ පදනම විසින් රු: 457,500.00 වියදමින් 2 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ ශ්‍රමදායකත්වය ඇතිව 663 වන බලසේනාවේ අධික්‍ෂණයෙන් යුතුව මෙම නිවස ඉදිකරන ලදි.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල්වල ජිවන තත්වය නගාසිටුවිමේ අරමුණින් මෙම නිවස පරිත්‍යාග කිරිම 66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලද අතර, මේ සදහා 663 වන බලසේනාවේ බලසේනාධිපති, 2 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි සහ සිවිල් වැසියන්ද සහභාගි වන ලදි. නිවසේ හිමිකරු සධීෂ්කරන් සරස්වති මහත්මියයි.