Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd August 2020 23:08:21 Hours

තේවන්පිඩ්ඩි රෝමානු කතොලික දෙමළ මිශ්‍ර පාසලේ ඩෙංගු මර්ධන වැඩසටහනක්

19 වන ශ්‍රි ලංකා පාබළ හමුදාවේ භටපිරිස් විසින් 2020 ජූලි මස 26 වන දින ඩෙංගු රෝගය වැලැක්වීමේ අරමුනින් තේවන්පිඩ්ඩි රෝමානු කතොලික දෙමළ ප්‍රාථමික මිශ්‍ර පාසල් පරිශයේදි පිරිසිදු කිරිමේ ව්‍යාපාරයක් ප්‍රදේශයේ ගුරුවරුන්ගේ හා ගම්වැසියන්ගේ සහාය ඇතිව පවත්වන ලදී.

කිළිනොචිචිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් කේඑන්එස් කොටුවේගොඩ එන්ඩිසි අයිජිගේ උපදෙස් පරිදි ප්‍රදේශයේ ජනතාව ඩෙංගු රෝගයෙන් ආරක්‍ෂා කිරිමේ අරමුනින් මෙම පිරිසිදු කිරිමේ වැඩසටහනපැවත්වුනු අතර 65 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ සහ 651 බළසේනාධිපතිගේ අධීක්‍ෂනය මත මෙම වැඩසටහන සිදු කරන ලදි.