Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

15th May 2020 19:44:52 Hours

ජාතික කෘෂිකාර්මික සංවර්ධන සැලැස්ම වෙනුවෙන් යුධ හමුදාවේ 661 වන බළසේනාවේ දායකත්වය

66 වන සේනාංකය යටතේ පාලනය වන 661 බළසේනාවේ භඨපිරිස් විසින් අක්කර 12ක භූමි ප්‍රමාණයක කෘෂිකාර්මික බෝග වන අර්තාපල්, අමු මිරිස්, බෝංචි, ඉරිඟු, වම්බටු, කොමඩු සහ කෙසෙල් වගා කර එයින් ලබාගත් අස්වැන්න ඉතා සහනදායී මිලකට පුනකරි ප්‍රදේශයේ ජනතාවට ලබාදි ඇත.

තවද, කොවිඩ් - 19 වසංගත රෝග තත්වය හේතුවෙන් දිවයිනටම පනවා තිබු ඇඳිරි නීතීය හේතුවෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභි පවුල් වෙත එලවළු මළු 100කට අධික ප්‍රමාණයක් ඔවුන්ගේ නිවෙස් වෙතම ගොස් බෙදාදීමේ වැඩසටහනක් සිදුකරන ලදි.