Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd February 2019 18:17:55 Hours

ගංවතුරින් විපතටපත් ජනතාව වෙත 57 වන සේනාංකයේ සංවිධානයෙන් වියලි සලාක මළු සහ සනිපාරක්‍ෂණ භාන්ඩ බෙදා දිම.

57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහ 573 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධික්‍ෂණයෙන් 1 වන සිංහ රෙජිමේත්තුව සංවිධානයෙන් තඩ්ඩුවාන්කොඩ්ඩේ ප්‍රදේශයන්හි ගංවතුරෙන් විපතටපත් පවුල් 36 දෙනෙකු සදහා නුඩ්ල්ස්, කිරි පිටි, සිනි, තේ, පරිප්පු, සෝයාමිට් සහ බත් පැකට් වැනි වියලි සලකා මළු රැසක් 2019 පෙබරවාරි මස 18 වන දින බෙදා දෙන ලදි.

කිලිනොච්චි කාන්තන් මහතා විසින් එම වියලි සලාක මළු සදහා මුල්‍යම අනුග්‍රහය දක්වන ලදි. තවද, අක්කරෙයිපත්තු කොමරෂල් බැංකුවේ අනුග්‍රහය මත 15 වන සිංහ රෙජිමේන්තුවේ සංවිධානයෙන් මොරසුමොඩේයි ප්‍රදේශයන්හි ගංවතුරෙන් විපතටපත් පවුල් 30 දෙනෙකු සදහා ඇද ඇතිරිලි සහ කොට්ට බෙදා දෙන ලදි.